ආනයනික කිරිපිටි බද්ද වැඩි වෙයි

ආනයනික කිරිපිටි සඳහා වන රේගු බද්ද ඉහළ නැංවීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

වෙළඳපල ආරංචි මාර්ග සඳහන් කළේ ආනයනික කිරිපිටි කිලෝ ග්‍රෑම් 01 ක් සඳහා රුපියල් 100 ක බද්දක් පනවා ඇති බවයි.

මීට පෙර ද ආනයනික කිරිපිටි කිලෝ ග්‍රෑම් 01 ක් සඳහා සියයට 20 ක් හෝ රුපියල් 225 ක රේගු බද්දක් පනවා තිබුණා.

එම කාලයේ ආනයකි කිරිපිටි මිල ඉහළ ගිය අතර පසුව එම බද්ද ඉවත් කළා.

ඒ අනුව මේවනවිටත් ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් අලෙවි වන්නේ රුපියල් 1000 කට අධික මුදලකටයි.

එවන් පසුබිමක ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිට කිලෝ ග්‍රෑම් 01 ක් සඳහා රුපියල් 100 ක බද්දක් පනවා ඇති බව වාර්තා වනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පැවසුවේ මේ මොහොතේ කිරිපිටි මිලෙහි වෙනසක් සිදුකිරීමේ අපේක්ෂාවක් නොමැති බවයි.

Leave A Reply

Your email address will not be published.