අද සිට ක්‍රියාත්මකවන පරිදි දුම්වැටියේ මිල ඉහළ දමා තිබේ.
සුරාබදු ඉහළ දැමීමත් සමඟ දුම්වැටියක මිල මෙලෙස ඉහළ දැමීමට කටයුතු කළ බව ලංකා දුම්කොළ සමාගම පවසයි.
ඒ අනුව, කාණ්ඩ 4ක් යටතේ දුම්වැටියක මිල රු. 5/-, රු. 15/-, රු. 20/-, සහ රු. 25/ ක් ලෙස ඉහළ දමා තිබේ.
මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් මිලද ඉහළ දමා තිබේ.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ සියලුම වර්ගවලට අයත් මත්පැන්වල බෝතලයක මිල රුපියල් 300කින් ඉහළ දමා ඇති බවය.
ඊට අමතරව බියර් වර්ගවල මිල ද එකක් රුපියල් 50කින් ඉහළ දමා තිබේ.