ගයා රම්‍ය අල්විස් අභාවප්‍රාප්ත වේ

සම්මානිත ලේඛකයෙකු, ගේය පද රචකයෙකු මෙන්ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකුද වන ගයා රම්‍ය අල්විස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මියයන විට 52 හැවිරිදි වියේ පසුවුනා.

ගයා රම්‍ය අල්විස් මහතා ජාතික රූපවාහිනියේ ජ්‍යේෂ්ඨ නිෂ්පාදකවරයෙකු ලෙස සේවය කළ අතර අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ගයා රම්‍ය අල්විස් මහතා අපේ රටේ බිහි වූ විශිෂ්ට සාහිත්‍ය වේදියෙකු වූ ඩෝල්ටන් අල්විස් මහතාගේ බාල පුත්‍රයා ය.

Leave A Reply

Your email address will not be published.