පාකිස්තානය සමග ලෝක ටෙස්ට් ශුරතාව සඳහා පැවති ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 246 කින් ජය ගන්නට ශ්‍රී ලංකා කණඩායම සමත් වුණා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයෙන් මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 378 ක් ලබා ගත්තා. පකිස්තාන කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 231 ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිමට කඩුළු 08 ක් දැවී ලකුණු 360 ක් ලබා ගත් අතර පකිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 508 ක ඉලක්කයක් හිමි වුණා.
නමුත් ඔවුන්ට සිය දෙවැනි ඉනිම සඳහා ලබා ගත හැකි වුයේ සියළු දෙනා දැවී ලකුණු 261ක් පමණයි.
තරගාවලිය 1 – 1 ක් ලෙස සම වුණා.