අද තරගයට වනිදු වෙනුවට වැන්ඩසේ

අද පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟයට සහභාගී වන ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් දෙකේම වෙනස්කම් කිහිපයක් සිදු වීමට නියමිතයි. ඒ අනුව ආබාධයකට ලක්වූ වනිදු හසරංග වෙනුවට ජෙෆ්රි වැන්ඩසේ ශ්‍රී ලංකා කණ්ඩාමට එක්වනු ඇති.

ඔස්ට්‍රේලියා කණ්ඩායමේද වෙනස්කම් දෙකක් සිදු වීමට නියමිතයි. ඒ, ආබාධයකට ලක්ව සිටින මාර්කස් ස්ටොනිස් සහ ඇස්ටින් ඒගර් වෙනුවට වෙනත් ක්‍රීඩකයින් දෙදෙනෙක් යොදවනු ඇති. . ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද පස්වරු 02. 30ට ආරම්භ වීමට නියමිතයි.

Leave A Reply

Your email address will not be published.