විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්සෙන් භාවිත කිරීමට පියවර ගන්නැයි උපදෙස් ලබාදෙමින් රාජ්‍ය ආයතන වෙත චක්‍රලේඛයක් අද නිකුත් කිරීමට නියමිතයි.
මෙම චක්‍රලේඛය නිකුත් කිරීමට සැලසුම් කර තිබුණේ ඊයේ වුවත් සංශෝධන කිහිපයක් හේතුවෙන් එය අද නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම කළ ඉල්ලීමකට අනුව අදාළ උපදෙස් නිකුත් කිරිමට නියමිතව තිබෙනවා.
මේ යටතේ රාජ්‍ය ආයතනවල වායුසමීකරණ හා අනවශ්‍ය විදුලි පහන් භාවිතය හැකිතාක් අවම කිරීමට සහ අත්‍යවශ්‍ය නොවන ගමන් වෙනුවෙන් රජයේ වාහන සඳහා ඉන්ධන භාවිත නොකළ යුතු බවට වන නියෝගයක් ද රාජ්‍ය ආයතන වෙත ලබාදීමටයි නියමිතයි.
පිට පළාත්වල සිට සාකච්ඡා හා සම්මන්ත්‍රණ සඳහා රජයේ වාහන භාවිත කර නිලධාරීන් කොළඹට කැඳවීම මේ වනවිටත් සීමා කර තිබෙනවා.