ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු පසුගිය දිනවල අසනීප තත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියා.
ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වන අතර නාලන්දා විද්‍යාලය සහ බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කළා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරග 4 කට සහ එක්දින ජාත්‍යන්තර තරග 12 කට ඔහු සහභාගී වී තිබෙනවා.
ඔහු 1975 වසරේ සිට 1982 වසර දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළා. 1982 වසරේ පෙබරවාරි 17 වන දින එංගලන්තයට එරෙහිව පී. සරවනමුත්තු පිටියේ පැවැත්වූ ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් තරගයට නායකත්වය ලබා දුන්නේ වර්ණපුර මහතායි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රථම ටෙස්ට් ලකුණ ලබා ගත්තේ ද බන්දුල වර්ණපුර විසිනුයි.
පසුව ක්‍රිකට් පරිපාලකයෙක්පු, හුණුකරුවෙක් , විනිසුරුවරයෙක් සහ විස්තර විචාරකයෙක් වශයෙන්ද ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වෙසෙස් මෙහෙවරක ඔහු නිරත වී තිබෙනවා.
මිය යන විට ඔහු 68 වන වියේ පසු වුණා.