සිව්වැනි වරටත් IPL ශූරතාව දෝනිගේ චෙන්නායි පිලට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය සිව්වන වරටත් දිනා ගැනීමට මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, අවසන් මහා තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 27කින් පරාජය කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොල්කටා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලූ 3ක් දැවී ලකුණු 192ක් රැස් කිරීමට සමත්වුණා.

පිළිතුරු ඉනිම කි්‍රීඩා කළ කොල්කටා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 165ක් පමණයි.

චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අයි පී එල් ශූරතාව ජයග්‍රහණය කළ සිව්වැනි අවස්ථාව මෙයයි.

Leave A Reply

Your email address will not be published.