හයිලන්ඩ් කිරිපිටි මිල සංශෝධනය කෙරේ

මිල්කෝ ආයතනය හයිලන්ඩ් කිරිපිටි මිල ගණන් සංශෝධනය කර තිබේ.

එහි සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ, ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 90කින් හා කිලෝ ග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රු 225කින් මිල ඉහළ නැංවීමට කටයුතු කළ බවය.

මිල සංශෝධනය කිරීමෙන් අනතුරුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 490කට සහ කිලෝග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1,170කට අලෙවි කෙරේ.

 

Leave A Reply

Your email address will not be published.