ජංගම දුරකථන පාරිභෝගිකයින්ට සුබ ආරංචියක්

ජංගම දුරකථන සඳහා භාවිතා කරනු ලබන අංක හුවමාරු කිරිමේ ක්‍රමවේදය සඳහා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් සිය අනුමැතිය ලබාදී ඇති බවට වාර්තා වනවා.

මෙම ක්‍රමවේදය යටතේ පාරිභෝගිකයාට තමන්ගේ වත්මන් දුරකථන අංකය වෙනස් කිරීමකින් තොරව දුරකථන පහසුකම් සපයන සමාගමක් සමග සම්බන්ධවීමට හැකියාව ලැබෙනු ඇති.

සියලුම තාක්ෂණික කරුණු සපුරා ගැනීමෙන් පසුව මෙම පහසුකම 2022 වර්ෂයේ මාර්තු මාසය වන විට ක්‍රියාත්මක කිරීමට හැකිවෙනු ඇති බව විදුලි සංදේශන කොමිෂන් සභාව විශ්වාසය පළකර සිටින්නේ.

මෙම ක්‍රියාවලිය සඳහා තාක්ෂණික කරුණු අතින් වැදගත් වෙන සියලුම පාරිභෝගිකයින් ගේ දත්ත ඇතුලත් මධ්‍යම දත්ත ගබඩාවක් සකස් කරන ලෙස සියලුම සේවා සපයන්නන්ට TRCය විසින් දැනුම් දී ඇත.

ග්‍රාහකයින්ගේ අංක සිතියම් ගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මධ්‍යම දත්ත ගබඩාවක් අවශ්‍ය වෙන අතර දැනට මෙම පහසුකම ක්‍රියාත්මක රටවල් අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන් ගැන ද අධ්‍යනය කරන බවයි විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සඳහන් කර සිටින්නේ.

Leave A Reply

Your email address will not be published.