ගුරු-විදුහල්පති වැටුප් ගැටලුව විසඳීමේ අරමුණින් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු සාකච්ජාවෙන් පසු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතාගේ කරට අත තබා යමක් පවසන ආකාරය දැක්වෙන ඡායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.
එහිදී ඇත්තටම සිදුවූයේ කුමක්ද යන්න දෙරණ නාලිකාවේ වැඩසටහනකදී ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ මහත්මිය සඳහන් කළාය.
සර් මම ජෝසෆ් ස්ටාලින්. මට මඩ ගහනවා කෝටි 85ක් ආවා කියලා යනුවෙන් ජෝසප් ස්ටාලින් මහතා අගමැතිතුමාට පවසා ඇත. එවිට අගමැතිතුමා ජෝසප් ස්ටාලින් මහතා පිටට අත තබා වසන්තා හඳපාන්ගොඩ මහත්මියට පවසා ඇත්තේ ” අපි සේප්පුවක් හදලා දෙමු ඒක දාන්න ” යනුවෙනුයි.