ඉන්දියාවට ගිය යොහානි නැවත දිවයිනට… ගුවන් තොටුපොලෙන් උණුසුම් පිළිගැනීමක්

ප්‍රසංග කිහිපයකට සහභාගී වීම සඳහා ඉන්දියාවට ගොස් සිටි යොහානි ද සිල්වා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.

ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 144 දරන ගුවන් යානයෙන්.

ගුවන් තොටුපොළ වෙත පැමිණි යොහානි ට උණුසුම් පිළිගැනීමක් හිමිවුනා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යොහානි පවසා මෙවැන්නක්.

“ඉදිරි බලාපොරොත්තු රැසක් තියෙනවා. පළමුවෙන් ම මගේ ඇල්බම් එක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකේ කටයුතු කරගෙන යනවා. ඇල්බම් එක මෙහෙ කරන්නේ. සිංදු 12 ම සිංහලෙන් කරලා තියෙන්නේ. ඒකේ ගොඩක් කටයුතු ඉවරයි දැන් වෙනකොට. ඒ වුණාට තව ටිකක් තියෙනවා ඒවා ලංකාවේ ඇතුළේම කරනවා.”

Leave A Reply

Your email address will not be published.