මෙතෙක් පවත්වාගෙන යන ගුරු – විදුහල්පති වර්ජනය අවසන් නොකිරීමට එම වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
මෙම වර්ජනය මාස 03කට අධික කාලයක් තිස්සේ පවතිනවා.
අද එම වෘත්තීය සමිති නිලධාරින් විසින් පැවැත්වූ සාකච්ජාවෙන් අනතුරුව ඉහත තීරණයට එළැඹ තිබෙනවා.
වැටුප් විෂමතා ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඊයේ පැවැති සාකච්ඡාවේ දී ඉදිරිපත් කළ විසඳුම් පිළිබඳ අවසන් තීරණයක් ලබා ගැනීමේ අරමුණින් එම සාකච්ජා අද පැවැත්වුණා.
වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා පත්කළ අමාත්‍ය අනු කමිටුවේ යෝජනාව පරිදි කොටස් තුනකින් වැඩි කිරීමට යෝජිත වැටුප, පළමු අදියර යටතේ 2022 වර්ෂයේ අය-වැය තුළින් ද ඉතිරි කොටස් දෙක 2023 වර්ෂයේ අය වැය තුළින් ද ලබාදීමට අග්‍රාමාත්‍යවරයා යෝජනා කරනු ලැබුවා.