ඊයේ රාත්‍රියේදී ඉහළ දැමු ගෑස් මිලෙහි වෙනසක් සිදුකිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 75කින් ද, කිලෝග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක් රු. 30 කින් සහ කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 14කින් අඩු කොට ඇත.
නව මිල ගණන වන්නේ :
කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක් රු.2675ක්.
කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රු. 1071ක්
කිලෝග්‍රෑම් 2.3 බර ගෑස් සිලින්ඩරයක මිල රු. 506ක් වේ.
ලිට්‍රෝ සමාගම විසින් ඊයේ රාත්‍රියේදී කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු:1257 කින් ද, කිලෝග්‍රෑම් 5ක් බරින් යුත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 503 කින් සහ කිලෝග්‍රෑම් 2.3ක බරින් යුත් ගෑස් සිලින්ඩරයක් රුපියල් 231 කින් ඉහළ දැමීමට පියවර ගනු ලැබුවා.