ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් විට මි.මී 75 ඉක්මවු වැසි ඇති විය හැකිය‍.

දිවයිනේ උතුරු ප්‍රදේශයේ අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන අතර උතුරු මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

Leave A Reply

Your email address will not be published.