අද සිට ලිට්රෝ සමාගම විසින් ගෑස් මිල ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු:1257 කින් ඉහළ යන අතර එම ගෑස් සිලින්ඩරයක නව මිල රු:2750ක්.
මිට අමතරව කිලෝග්‍රෑම් 5ක් බරින් යුත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 503 කින් ඉහළ නංවා ඇත. නව මිල රුපියල් 1101ක් වේ.
කිලෝග්‍රෑම් 2.5ක බරින් යුත් ගෑස් සිලින්ඩරයක් රුපියල් 231 කින් ඉහළ නංවා තිබෙන අතර නව මිල රු:520ක් වේ.
මේ අතර අද සිට ලාෆ් ගෑස් සමාගමද සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රු. 984කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රු.2,840/-ක් වේ. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රු. 393 කින් ඉහළ නංවා ඇත. නව මිල Rs. 1,136/-කි.