යුද හමුදාවේ දස දහසකට උසස් වීම්

අදට යෙදී ඇති ශ්‍රී ලංකා යුද හමුදාවේ 72වන සංවත්සරය නිමිත්තෙන් නිලධාරීන් 567 දෙනෙකු සහ සෙසු නිලයන් 10,369 දෙනෙකුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව උසස්වීම් ලබා දී තිබෙනවා.

ඒ අනුව බ්‍රිගෙඩියර් නිලයේ ජේ්‍යෂ්ඨ නිලධාරීන් 07 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයටත්, කර්නල් නිලයේ ජේ්‍යෂ්ඨ නිලධාරීන් 17 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට උසස් කර තිබෙනවා.

ලුතිතන් කර්නල් නිලයේ සිටි ජේ්‍යෂ්ඨ නිලධාරීන් 42දෙදෙනකු කර්නල් නිලයටත්, මේජර් නිලයේ ජේ්‍යෂ්ඨ නිලධාරීන් 60 දෙනෙකු ලුතිතන් කර්නල් නිලයටත් උසස් කර ඇති බවයි ශ්‍රී ලංකා යුද හමුදාව පැවසුවේ. කපිතාන් නිලයේ නිලධාරීන් 256 දෙනෙකු මේජර් නිලයට උසස් කර තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.