සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පැවැති දෙවන විස්සයි විස්ස තරඟය කඩුලු 05කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ දෙකකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය 2-0 ලෙස ජයගත්තා.
ඕමාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 159ක් ලබා ගත් අතර අකිබ් ඉල්යාස් ලකුණු 59ක් සහ කාශ්‍යප් ප්‍රජාපති ලකුණු 22ක් රැස් කරනු ලැබුවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රි ලංකා කණ්ඩායම කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 2ක් තුළ කඩුලු 5ක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.
ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ සහ චාමික කරුණාරත්න නොදැවී ලකුණු 35ක් බැගින් රැස්කරනු ලැබුවා.