දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී කරාතේ ක්‍රීඩාවෙන් අපේ මවුබිමට ප්‍රථම රන් පදක්කම් සනිටුහන් කළ, හිටපු ප්‍රබල ජාතික කරාතේ ශුර වර්තමාන ජාතික කරාතේ පුහුණුකරු, සෙන්සේ H.M.D. රුවන් කල්‍යාණ ජපන් GOUSHYKAI ජාත්‍යන්තර කරාතේ සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ නියෝජිත සහ ප්‍රධාන උපදේශක ලෙසත්, ජාත්‍යන්තර කළුපට් 6 වන ශ්‍රේණිධාරියකු ලෙසත්, RANSI නාමයෙනුත් ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා සහ ආසියානු කරාතේ සම්මේලනයේ සභාපති ශිහාන් සිසිර කුමාර මහතා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජයේ ප්‍රධාන ලේකම් සමන්ත වීරසිංහ මැතිතුමන්ලාගේ සුරතින් පිදුම් ලබා ඇත.
ඔහු 84Kg ට වැඩි බර පංති කුමිතේ ඉසව්වේ 24 වතාවක් අඛණ්ඩව ජාතික ශූරයකු වශයෙන් ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වී ඇති අතර 1996 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා ජාතික කරාතේ පුහුණු සංචිතයේ සාමාජිකයක් ලෙස හා දීර්ඝ කාලයක් ජාතික කරාතේ කණ්ඩායමේ නායකයෙකු ලෙස ද කටයුතු කර තිබේ..
ජාත්‍යන්තර උපදේශකවරුන් යටතේ විශේෂ පුහුණුව ලබා ආසියානු KOI කරාතේ ශූරතාවලියේ දී රිදී පදක්කම් සහ සයිලන් නයිට් කරාතේ ශුරතාවලියේදී රිදී පදක්කම් හා ලෝක ගොජූකායි ශූරතාවලියේදී රන් පදක්කම් දිනාගැනීම ඔහු සමත්වී තිබේ .
දැනට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක පුහුණු අංශයේ උපදේශකවරයෙකු වශයෙන් සේවය කරන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජයේ ප්‍රධාන සංවිධායක වශයෙන් කටයුතු කරන ඔහු කරාතේ ක්‍රීඩාවෙන් ලක් දෙරණට මහගු සේවයක් කර ඇත්තෙකි.