පිරිවෙන් අධ්‍යාපනයේ විශ්ව ව්‍යාප්තිය ඊ පිරිවෙණ ඇරඹේ

ලෝක ගුරු දිනයට සමගාමීව ,පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ දහම් පාසල් හා පිරිවෙන්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ හා ගිහි ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා මාර්ගගත ක්‍රමවේදයන් වැඩි දියුණු කිරීමේ වැඩසටහන යටතේ හදුන්වා දෙන විධිමත් ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් විවෘත කිරීමේ e පිරිවෙන උත්සවය ඔක්තෝම්බර් 5 වැනිදා ගරු තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මැතිතුමා, පියල් නිශාන්ත මැතිතුමා හා සීතා අරඹේපොළ මැතිනියගේ සහභාගීත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වේ. ජාත්‍යන්තර සබඳතාවන්ගේ සහය ලබමින් ධර්මවාහිනි පදනමේ අනුශාසක ඩෙන්මාර්කයේ මෙත්ත විහාරි හිමියන්ගේ ගෞරවනීය සහයෝගයෙන් හා ANTIK technology ආයතනයේ අනුග්‍රහයෙන් මෙම විධිමත් ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය ආරම්භ කෙරේ.

Leave A Reply

Your email address will not be published.