පැය 06 ක් බිද වැටුණු ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් යථාතත්ත්වයට

ෆේස්බුක් සමාගම හිමිකාරීත්වය දරණ සමාජ මාධ්‍ය ජාල කිහිපයක් වන ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම් යන සමාජ මාධ්‍ය ජාල පැය 06 ක පමණ කාලයක් පුරා බිඳ වැටීමකට ලක්වුණා. ලොව පුරා ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය ජාල පරිශීලකයින් මෙම තත්ත්වයට මුහුණ දුන් බවයි විදෙස් මාධ්‍ය වාර්ත කළේ.

මේවනවිට එම බිඳවැටීම යථාතත්ත්වයට පත් කර ඇති බවයි ෆේස්බුක් ආයතනයට නිවේදනය කර ඇත්තේ. ෆේස්බුක් මාධ්‍ය ජාලයේ ඇතිවූ විශාලතම බිඳ වැටීම මෙය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. එම බිඳවැටීම හේතුවෙන් සිදුවූ අපහසුතාවන්ට ෆේස්බුක් සමාගම සිය ග්‍රාහකයින්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

 

 

Leave A Reply

Your email address will not be published.