ශ්‍රී ලංකාවේ කොවිඩි අරමුදලට බටහිර ඔස්ට්‍රේලියාවේ ආහාර ප්‍රදර්ශනයක් – (photos )

ශ්‍රී ලංකාවේ කොවිඞ් අරමුදලට මුදල් ලබා දීම උදෙසා සංවිධාන කළ ආහාර ප්‍රදර්ශනයක් මේ මස 03 වන ඉරිදා බටහිර ඔස්ටේ්‍රලියාවේ පර්ත් නුවරදී ඉතා සාර්ථකව පැවැත්වුණා.
මෙම කටයුත්ත සංවිධාන කර තිබුණේ බටහිර ඔස්ටේ්‍රලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය මගින්.
ඒ පිළිබඳව අදහස් දැක්වූ බටහිර ඔස්ටේ්‍රලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් රොෂ් ජලග්ගේ මහතා පැවසුවේ මෙම උදාර කටයුත්තට කිසිදු බේදයකින් තොරව බටහිර ඔස්ටේ්‍රලියාවේ වෙසෙන සියළු ශ්‍රී ලාංකිකයන් ඒකරාශී වූ බවයි.

ශ්‍රී ලාංකික ආහාර වර්ග වන කොත්තු, බිරියානි, ආප්ප, ෆ්‍රයිඞ් රයිස්, ලම්ප් රයිස්, කට්ලට්, තෝසේ, වඬේ
මෙන්ම සම්ප්‍රදායික ශ්‍රී ලාංකික බත් සහ ව්‍යංජනත්, රස කැවිලි වර්ගත් මෙම ආහාර ප්‍රදර්ශනය සඳහා
එකතුකොට තිබුණා.
“ බටහිර ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අද හරිම සතුටු දිනයක්.. මෙහේ ඉන්න සියළු ශ්‍රී
ලාංකිකයන් සියළු දෙනා කිසිම භේදයකින් තොරව මේ කටයුත්තට දායක වුණා. කිසිදු පක්‍ෂ, ආගමික
භේදයකින් තොරව බාල, තරුණ , වැඩිහිටි හැමෝම, සමිති සමාගම් සියල්ලම එකතු වෙලා අපේ මාතෘ
භූමිය වෙනුවෙන් මෙම සද් කාර්යයට දායක වුණා. ඒ හැමෝටම මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම
රට විරුවන් විසින් කරන ලද මේ කාර්යය හොඳ ආදර්ශයක්, පණිවුඩයක් ලබා දෙනවා. අභියෝගජය
ගන්න අපිට හැකියි. ඒ සඳහා අපි එකමුතුව වැඩ කළ යුතුයි…”
යනුවෙන් බටහිර ඔස්ටේ්‍රලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් රොෂ් ජලග්ගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ
කළා.

Leave A Reply

Your email address will not be published.