ඉන්දීය විදේශ ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ සාකච්ඡාවට ගැනෙන කරුණු පිළිබඳව ඉන්දියාවේ ද හින්දු පුවත්පත කරුණු වාර්තා කර තිබෙනවා.
කොවිඩ් මර්දන එන්නත් කඩිනමින් ශ්‍රී ලංකාවට ලබාදීම, කොවිඩ් වසංගතය හේතුවෙන් බිඳ වැටී ඇති මෙරට සංචාරක ක්ෂේත්‍රයට ලබාදිය හැකි සහාය හා ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදෙස් සංචිත අර්බුදය හමුවේ මෙරටට ආර්ථිකමය වශයෙන් ලබාදිය හැකි සහයෝගය පිළිබඳව මෙහිදී අවදානය යොමු වනු ඇති බව එහි සඳහන්.
ඉන්දු – ශ්‍රී ලංකා දෙපාර්ශ්වයට අමතරව මාලදිවයින් නියෝජිතයින්ගේ ද සහභාගීත්වයෙන් ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය හා මුහුදු මංකොල්ලවලට එරෙහිව ත්‍රෛපාර්ශ්විකව ගත හැකි ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනද සාකච්ඡාකිරීමට නියමිත බව ද හින්දු පුවත්පත පෙන්වා දී තිබෙනවා.
ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ඊයේ (02) රාත්‍රියේ මෙරට සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියා.
ඔහුගේ නිල සංචාරයේ පළමු කාර්යය ලෙස ඒ මහතා අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගත්තා.
පසුව ඉන්දිය විදේශ ලේකම්වරයා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය නිරීක්ෂණය සඳහා ගොස් අනතුරුව යාපනය බලා පිටත්වුනා.
මෙම සංචාරයේදී ඉන්දිය විදේශ ලේකම්වරයා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.