ලෝක ළමා දිනය , වැඩිහිටි දිනය මෙන්ම ඔක්තෝබර් 01 වන දින ලෝක නිර්මාංශ දිනය ලෙස සමරනු ලබයි. මෙම උත්සවය නිර්මාංශිකයින්ගේ ප්‍රීතිය, දයානුකම්පාව සහ ජීවිතය වැඩිදියුණු කිරීම ප්‍රවර්‍ධනය අරමුණු කරගත් වාර්ෂික සැමරුමක් බව ලෝක නිර්මාංශ දින නිල වෙබ් අඩවිය පවසයි.
ලෝක නිර්මාංශ දිනය 1977 දී උතුරු ඇමරිකානු නිර්මාංශ සමිතිය (NAVS) විසින් පිහිටුවන ලද අතර 1978 දී ජාත්‍යන්තර නිර්මාංශික සංගමය විසින් එය තවදුරටත් අනුමත කරන ලදී. NAVS ට අනුව ලෝක නිර්මාංශ දිනය සැමරීමේ නිල දිනය ඔක්තෝබර් 01 වෙනිදා වේ. ,