දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අද ආරම්භ වේ

දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය මාලදිවයිනේදී අද ආරම්භ වනවා. මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුලුව දකුණු ආසියානු රටවල් 5ක් සහභාගි වීමට නියමිතයි.

තරගාවලිය ආරම්භ කරමින් මාලේ ජාතික ක්‍රීඩාංගණයේදී තරග 2ක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු තරගය නේපාලය සහ සත්කාරක මාලදිවයින අතර පැවැත්වීමට නියමිතයි. අනෙක් තරගය සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද පැවැත්වෙනවා.

මෙම තරගය ආරම්භ වන්නේ පස්වරු 4. 30ටයි.

Leave A Reply

Your email address will not be published.