මෙවර ලෝක ළමා දිනය සියල්ලටම පෙර දරුවන් යන තේමාවෙන් යුතුව අපේ රටේ සමරනු ලබනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මෙවර ලෝක ළමා දිනය සැමරීමට නියමිත අතර ළමා දින සැමරුම් ජාතික උත්සවය අද අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරීමට නියමිතයි.
අපට මෙවර ළමා දිනය ගැන කතා කරන්නට වන්නේ දරුවන් පිළිබඳව ගැටළු රැසක් ඇති සමයකයි.කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් නිවසට කොටුවී සිටින දරුවන්ගේ මානසික තත්ත්වය, හුදකලා වීම, පීඩනයට ලක්වීම ආදී බොහෝ කරුණු හේතුවෙන් දරුවන් පීඩා විඳින සමයක ලෝක ලමා දිනය අම අර්ථාන්විතව සැමරිය යුතුයි. එමෙන්ම අපේ අනාගත පරපුර සුරක්ෂිත කිරීමට තරයේ අදිටන් කර ගත යුතුයි.