සීමාවන් සහිතව හෙට (01) අලුයම 4.00 සිට රට විවෘත කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
එය 2021.10.01 සිට 2021.10.31 දක්වා අවසරලත් පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය ලෙසින් සඳහන් වේ.
ඒ අනුව ඔක්තෝබර් 01 සිට 15 වන දා දක්වා ද ඔක්තෝබර් 16 සිට 31 වන දා දක්වා ද එම මාර්ගෝපදේශ දක්වා තිබේ.
ඔක්තෝබර් 01 සිට 15 දක්වා මාර්ගෝපදේශ
උත්සව, සාද, එක්රැස්වීම්වලට අවසර නැත.
අවන්හල් විවෘත කිරීමට අවසර නැත.
සිනමා ශාලා වසා ඇත.
ප්‍රදර්ශන හා සම්මේලන සඳහා අවසර නැත.
කෘෂිකර්මාන්තයට අවසර ලබාදී ඇත.
බාබර් සහ රූපලාවණ්‍යාගාර සඳහා වේලාවක් වෙන්කර ගෙන පැමිණිය හැකිය.
සිසුන් 200ට අඩු පාසල් විවෘත කළ හැකිය.
එම මාර්ගෝපදේශ මාලාව පහතින් දැක්වේ.