කෝලි නායකත්වයෙන් ඉවත්වීමට හේතුව ඉන්දීය මාධ්‍ය සොයා ගනී

විරාත් කෝලි ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කිරීමට හේතුව පිළිබඳව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරඟයෙන් නවසීලන්තයට පරාජය වීමත් සමගම කණ්ඩායමේ සමහර ක්‍රීඩකයින් සහ කෝලි අතර මතගැටුම් උත්සන්න වී තිබු බවයි එහි දැක්වෙන්නේ.

ක්‍රීඩකයින් කිහිපදෙන්ක්ම කෝලි සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ඔවුන්ගේ අප්‍රසාදය ප්‍රකාශ කර තිබෙනවා.

පසුව එරට ක්‍රිකට් බලධාරීන් විසින් කෝලි සම්බන්ධයෙන් අනෙක් ක්‍රීඩකයින්ගෙන් ද තොරතුරු විමසා තිබු අතර එහිදී බොහෝ ක්‍රීඩකයින් කෝලිට එරෙහිව අදහස් ප්‍රකාශ කර තිබූ බව සඳහන්.

ඔහු ඉන්දීය T20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇත්තේ ඉන් අනතුරුව බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

Leave A Reply

Your email address will not be published.