ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 4ක් අද දිවයිනට

කොවැක්ස් පහසුකම යටතේ ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 4කට අධික තොගයක් මෙරටට ලැබී තිබේ.

එමිරේට්ස් ගුවන් සමාගමේ ඊ.කේ 650 දරණ ගුවන් යානයෙන් අද (30) උදෑසන අදාළ එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපොළට ගෙනවිත් තිබේ.

ෆයිසර් එන්නත් මාත්‍රා 408,650ක තොගයක් කොවැක්ස් පහසුකම යටතේ මෙලෙස ලැබී ඇති අතර හෙට ද ඒ හා සමානම එන්නත් මාත්‍රා තොගයක් ලැබීමට නියමිත බව ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්යය චන්න ජයසුමන මහතා පැවසීය.

 

Leave A Reply

Your email address will not be published.