වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමට අනුමැතිය ලැබුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, අසේල ගුණවර්ධන මහතා පවසයි.
එසේම වයස අවුරුදු 30ත් – 60ත් අතර පිළිකා සහ වකුගඩු ආබාධවලින් පෙළෙන පුද්ගලයින් ට, සෞඛ්‍ය අංශ සේවකයින්ට හා ඉදිරිපෙළ අනෙකුත් සේවකයින් සඳහා ද තෙවැනි එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර තිබේ.
අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාවරයා මේ බව පැවසීය.
“දැනට බූස්ටර් එන්නත දෙන්න අපිට අනුමැතිය ලබාදුන්නේ අවුරුදු 60ට වැඩි අයට. ඒ අයට වැඩි හරියක් දුන්නේ සයිනොෆාම් සහ ඇස්ට්‍රෙසෙනිකා එන්නත. ඒ එන්නත් දෙක ලබාදුන්න අයට තමයි බූස්ටර් එන්නත ලබාදෙන්න අවසර දුන්නේ. ඒ අනුව ඒ කාලයේ දී ඒ එන්නත ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. දැනට ලෝකයේ තියෙන සාධක අනුව ෆයිසර් එන්නත තමයි බූස්ටර් එන්නතක් ලෙස භාවිත කරන්නේ. ඒ අනුව තමයි එයට අවසරය ලැබුණේ. ” යනුවෙන් ඔහු ප්‍රකාශ කේ සිටියා.