පිළියන්දල කහපොළ ප්‍රදේශයේ අක්කර 78ක භූමි ප්‍රදේශයක 2017 වර්ෂයේ ඉදි කළ දැනට වල් බිහිව පවතින “ශාක්‍ය ජනපදය” නිරීක්ෂණය කිරීම සඳහා දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මැතිතුමා, පසුගියදා එක්විය.
නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එම භූමි ප්‍රදේශයේ ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් සමඟ නව ජාත්‍යන්තර බෞද්ධ සංචාරක කලාපයක් ආරම්භ කිරීමට මේ වනවිට අදාළ පාර්ශ්වයන්ට යෝජනා කර තිබෙන අතර ඒ පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මැතිතුමා පසුගියදා සාකච්ඡා කරන ලදි.
ජාත්‍යන්තර පිරිවෙන් අධ්‍යාපනයට (ආරාමික) ඇති ඉල්ලුම සපුරාලීම පිණිස ශාක්‍ය ජනපද භූමියේ ගොඩනැගිලි උපයෝගී කර ගැනීම සම්බන්ධ අධ්‍යයනය කර තිබෙන අතර ඒ සඳහා අවශ්‍ය කරන ඉල්ලීම බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කර තිබේ. කඩිනමින්ම මෙම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය හා ජාත්‍යන්තර බෞද්ධ සංචාරක කලාපය එම භූමි ප්‍රදේශයේ ඉදි කිරීමට මේ වනවිට යෝජනා වී ඇත.