තවත් කොවිඩ් මරණ 55ක්

තවත් කොවිඩ් මරණ 55ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (27) දිනයට අදාළව වාර්තා කර ඇති එම මරණ සංඛ්‍යාව සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,786ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ දිනයේ සිදුවූ මරණ 55න් 29 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 26 දෙනා කාන්තාවන් ය.

වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් 39 දෙනෙකු සහ අවුරුදු 30ත් 59ත් අතර වයසේ පසුවන පුද්ගලයින් 16 දෙනෙකු මියගිය පුද්ගලයින් අතර වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය.

Leave A Reply

Your email address will not be published.