නියමිත කලට පැවැත්විය යුතු පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එවිට ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති මතය මනා ලෙස දැනගත හැකි බව ඔහු කියා සිටිනවා.
අම්පාර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.
“මම ආණ්ඩුවට කියනවා, මේ වෙලාවේ ජනමතය විමසුවොත් බලාගන්න පුළුවන් ජනතාවගේ වේදනාව. මම අභියෝග කරනවා ආණ්ඩුවට. නියමිත කාලයට පැවැත්විය යුතු පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන්න. බොරුවට ජාත්‍යන්තරයට ගිහින් මැතිවරණය ගැන මුසාවාදා කියන්නේ නැතුව.”යනුවෙන් විපක්ෂනායකවරයා ප්‍රකාශ කළා.