ඔක්තෝබර් පාසල් පටන් ගන්නවා- අධ්‍යාපන ලේකම් ….ඒත් අපි ඉස්කෝලේ එන්නේ නෑ – ගුරු සංගම්

ඔක්තෝබර් මාසය අවසන්වීමට ප්‍රථම පාසල් විවෘත කිරීම පිළිබඳව විශ්වාසයක් තැබිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ දෙරණ නාලිකාව සමග වැඩසටහනකට එක්වෙමින්.

ඔක්තෝබර් පාසල් ඇරඹීමට හැකියැයි තමා සුබවාදීව හිතන බවත් එසේ වුණොත් දෙසැම්බර් මාසේ නිවාඩු දීමට අවශ්‍ය නොවන බවත් ඔහු එහිදී පැවසිය.
දැනට පවතින ගුරු ගැටලුව සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අදහස් පළ කළා.

“ලෝක ළමා දිනය ඔක්තෝබර් පළමු වෙනිදා. මැද තැනකට ඇවිල්ලා එන්න වැඩට. ඔබ නැතුව කවදාවත් අපිට මේක කරන්න බෑ. ඊට පස්සේ ගුරු දිනය 6 වනදා. ඒක කරේ නැත්නම්, ගුරු මෑණිවරුනි ගුරු පියවරුනි විදුහල්පතිවරුනි ලේකම්වරයා විදිහට මට වෙනවා කෙසේ හෝ පාසල් ටික පවත්වාගෙන යන්න.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළා.

ඒ අතර පාසල් විවෘත කළද තම වැටුප් ගැටලුව විසඳන තුරු ඉගැන්වීම් සඳහා ගුරුවරු සහභාගී නොවන බව ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය පවසනවා.
ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එහි නියෝජිතයන් සඳහන් කළේ පාසල් ඇරඹීමට හෝ විභාග පැවැත්වීමට පෙර තම ගැටලු රජය විසඳිය යුතු බවය.

පාසල් විවෘත කළද වෘත්තිය අරගලය විසඳන තුරු තමන් සේවයට පැමිණෙන්නේ නැති බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් සඳහන් කළේය.

“අධ්‍යාපන ලේකම් කුමන පදනමකින්ද අපිට නැවත වැඩකරන්න කියන්නේ. මේ විහිළු කතා කවුද පිළිගන්නේ? විහිළු සැපයීම නවත්වන්න. පාසල් විවෘත කිරීමට හා ප්‍රායෝගික පරීක්ෂණ කිරීමට පෙර කළ යුතු ප්‍රධාන දේ කුමක්ද? මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කර විසඳුමකට යමු. අපි දැවැන්ත තීන්දුවක් ගන්නවා.” යනුවෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා කියා සිටියේය.

 

Leave A Reply

Your email address will not be published.