දකුණු ආසියානු කරාතේ සම්මේලනයේ නිළවරනය 2021- 2025 සදහා අද දින ZOOM තාක්ෂණය ඔස්සේ ලෝක කරාතේ සම්මේලනයේ , අසියානු කරාතේ සම්මේලනයේ ගරු සභාපතිතුමන් දෙපලගේ සහ නිළධාරින් මහතුන්ගේ මුලිකත්වයෙන් නිළවරනය ප්‍රථම වරට පැවැතුණි.
එහිදී අපේක්ෂකයන් ලෙස 1. සිසිර කුමාර මහතා 2. භරත් ෂර්මා මහතා 3. පුරේන්දු බික්රම් මහතා යන මහතුන් තිදෙනා නාමයෝජනා භාරදී තිබුණද නිලවරණයට ප්‍රථම පුරේන්දු බික්රම් මහතා (නේපාල) තරගයෙන් ඉවත් විය. ඒ අනුව සිසිර කුමාර (ශ්‍රී ලංකා ) මහතා සහ භරත් ෂර්මා (ඉන්දීය) මහතා අතර ඡන්ද විමසීම සිදු කරන ලදී .
ඒ අනුව මුළු ජන්ද සංඛ්‍යාව වු 06යක් වූ අතර එයින් එක් ජන්දය ප්‍රකාශ කර නොමැති අතර භරත් ෂර්මා මහතාට එක් ජන්දයක් ද සිසිර කුමාර මහතාට ජන්ද 04 ද හිමි විය.
ඒ අනුව ඉදිරි වර්ෂ 2021/25 සදහා අභිනතව නව සභාපතිතුමා ලෙස ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ වත්මන් ගරු සභාපතිතුමා වන සිසිර කුමාර මහතා තේරි පත්විය.
අද දින මෙම ජන්දය සදහා ශ්‍රී ලංකා නියෝජනය කරමින් ජාතික සම්මේලනයේ ගරු ලේකම්තුමා කිර්තී කුමාර මහතා සහ ජාත්‍යන්තර සම්බදන්ධීකාරක , ජාතික විනිසුරු කොමිසමේ ගරු සභාපතිතුමා අර්. ජේ ඇලෙක්සැන්ඩර් මහතා ද සහභාගි විය.