නිදහස් කර ගැනීමට නොහැකිව වරායේ රඳවා ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි අද රැස්වූ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්වීමේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝගයක් නිකුත් කළා.
ඒ අනුව ජනතාවගේ ජීවන වියදම් පිළිබඳ අවධානය යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා විසින් ආනයන අපනයන පාලක ජනරාල්වරියට සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අදාළ නියෝගය ලබා දී තිබෙනවා.
මෙහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ එම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කඩිනමින් සතොස සහ අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන් හරහා ජනතාවට බෙදාහැරීමට කටයුතු කරන බවයි. සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව වෙළඳපොළට නිකුත්කිරීමේ වගකීම වෙළඳ අමාත්‍යංශයේ සහ කෘෂිකර්ම නිලධාරින් දැරිය යුතු බවටයි මෙහි දී අවධාරණය කර ඇත්තේ.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් පැවසුවේ භාණ්ඩ නිදහස් කර ගැනීමට ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් ආහාර ද්‍රව්‍ය අඩංගු බහාලුම් 800 කට වැඩි ප්‍රමාණයක් වරාය තුළ සිරවී තිබූ බවයි.