LPL තරගාවලිය දෙසැම්බර් මාසයේ දී

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය දෙවන වරට මේ වසරේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ලබන දෙසැම්බර් මාසයේදී එම තරගාවලිය පැවැත්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව දෙසැම්බර් 4 වනදා සිට 23 වනදා දක්වා එම තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා කණ්ඩායම් 5ක් ක්‍රීඩා කරන අතර එක් කණ්ඩායමකට දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙක් සහ විදේශීය ක්‍රීඩකයින් 6 දෙනෙක් ඇතුළත් වෙනවා.

මෙවර LPL තරගාවලියට සහභාගීවන විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම හෙට (24) සිට ආරම්භ කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරනවා.

Leave A Reply

Your email address will not be published.