කොරොනා ප්‍රතිදේහ වලින් පාලනය කිරීමට අපහසු නව කොරෝනා ප්‍රභේදයක් සම්බන්ධයෙන් ලොව සෞඛ්‍ය අංශ වල දැඩි අවධානය යොමුවී තිබෙනවා.
R.1 ලෙස හඳුන්වා ඇති එම වෛරස් ප්‍රභේදය මුලින්ම හඳුනා ගෙන ඇත්තේ ජපානයෙන්.
එම ප්‍රභේදය ආසාදිතයන් 45 දෙනෙකු මේ වන විට ඇමරිකාවෙන් ද හඳුනාගෙන තිබෙන අතර විද්‍යාඥයන් පවසන්නේ මෙම ප්‍රභේදය ව්‍යාප්තවීම, ගුණනය වීම සහ ප්‍රතිශක්තිකරණය ඉක්මවා යාම කැපී පෙනෙන විකෘතීන් බවයි.
එම තත්වයන් නිසා මෙම ප්‍රභේදය ගැන වැඩි අවධානයක් යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.