සංවර්ධන සම්බන්ධිකරණ හා අධීක්ෂණ අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා සංවර්ධන ව්‍යාපෘති රැසක් නිරීක්ෂණය සදහා ඊයේ (22) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංචාරයකට එක් විය. එහිදී අමාත්‍ය වරයා විසින් නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කළ අතර කෙරෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති රැසක ප්‍රගතිය සොයා බැලීම සඳහාද එක් විය.
ගරු අමාත්ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ මඟපෙන්වීම යටතේ මහාමාර්ග අමාත්යංශය යටතේ ඉදිවන කි. මී. 32ක් දිගින් යුත් තිරියාය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ගරු අමාත්ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
ගරු අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ වාරිමාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක මොරවැව සංවර්ධන ව්‍යාපෘතිය ගරු අමාත්ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ නිරීක්ෂණයට ලක්වූ අතර ගරු රාජ්‍ය අමාත්‍ය තේනුක වීදානගමගේ මහතාගේ අධීක්ෂණය යටතේ ග්‍රාමීය පාසල් හා ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්යංශය හරහා ඉදිකළ ගල්කඩවල සීලරත්න දිවා රාත්‍රී වොලිබෝල් ක්‍රීඩාන්ගණය ගරු අමාත්ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.
ගරු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ අධීක්ෂණය යටතේ ග්රාමේය නිවාස, ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්යංශය හරහා කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාවත්චෝලි ගම්මානයේ ඉදිවන නව නිවාස ව්යාපෘතිය ගරු අමාත්ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ නිරීක්ෂණයට ලක්විය.
ත්‍රිකුණාමලය නාවික තටාංගන පරිශ්‍රයේ ඉදිවන Dockyard Quay ජැටිය ගරු අමාත්ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ නිරීක්ෂණයට ලක්වූ අතර ගරු
රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාගේ අධීක්ෂණය යටතේ ග්‍රාමීය පාසල් හා ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්යංශය හරහා සංවර්ධනය කළ වෙල්ලමනල් වොලිබෝල් ක්‍රීඩාංගනය, සේරුනුවර දිවා රාත්රී අත්පන්දු ක්‍රීඩාංගනය, කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාවත් චොලෛ ගම්මානයේ ඉදිකළ දිවා රාත්‍රී වොලිබෝල් ක්‍රීඩාන්ගනය, සේරුවිල දිවා රාත්රී අත්පන්දු ක්‍රීඩාංගනය සහ කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ලීලාරත්න වොලිබෝල් ක්‍රීඩාංගනය,ගරු අමාත්ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරන ලදී.
එමෙන්ම කන්තලේ අග්‍රබෝධි ජාතික පාසල් ක්‍රීඩාංගනය සහ ක්‍රීඩා පහසුකම් ගරු අමාත්ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ නිරීක්ෂණයට ලක්විය.
සේරුවිල ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානයද ගරු අමාත්ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සේරුවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේදී සිදුවිය.
එමෙන්ම කන්තලේ ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය ගරු අමාත්ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කන්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේදී සිදුවිය.
මෙම අවස්ථා සඳහා ගරු රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරළ යන මහත්වරුන් ද, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්ය නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.
අද (23) සංවර්ධන සම්බන්ධිකරණ හා අධීක්ෂණ අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා මඩකලපුව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් නිරීක්ෂණය සදහා සංචාරයකට එක් වේ.