කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා ඊයේ (22) අභාවප්‍රාප්ත විය.
මිය යනවිට 48 වන වියෙහි පසු වූ ඒලියන්ත වයිට් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස ද කටයුතු කළේය.
වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබුණි.
“2008 දී මගේ පාදයේ injury එක…ඇත්තටම හාස්කමකින් සුවය ලබූ injury එකක්.”
“ඒ හාස්කම කරපු එතුමට මම දාපු හැම Yorker එකක් hat trick එකක් ගානෙම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා…”
2008 න් පස්සේ මම දවාගත් හැම කඩුල්ලක් ගානෙම සතුටු වුන ඔබෙත් හදපිරි ප්‍රණාමය එතුමා වෙනුවෙන්ම පුද කරන්න! ඔබට අමා මහ නිවන් සුව පතමි!”