එ.ජා. මහා මණ්ඩල සැසිය ඇමතීමට තලෙයිබාන් සංවිධානය අවස්ථාව ඉල්ලයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට අවස්ථාවක් ලබාදෙන ලෙස තලෙයිබාන් සංවිධානය ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වනවා.

තලෙයිබාන් සංවිධානය විසින් පත් කළ නව රජයේ විදේශ අමාත්‍යවරයා විසින් එම ඉල්ලීම කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරනවා.

තලෙයිබාන් සංවිධානය විසින් බලයෙන් පහ කරන ලද ඇෆ්ගනිස්තාන රජයේ තානාපතිවරයා ද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට මීට පෙර අවස්ථාවක් ඉල්ලා තිබෙනවා.

නමුත් මෙම සමුළුවේදී ඇෆ්ගනිස්තානය නියෝජනය කරන්නේ කවුරුන්දැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තවමත් තීරණය කර නැහැ.

 

 

 

Leave A Reply

Your email address will not be published.