SLIIT, 2021 සැප්තැම්බර් මාසයේ බඳවා ගැනීම් අරඹමින් ලෝක මට්ටමේ උපාධි අත්දැකීම් විඳගැනීමට නවක සිසුන්ට ආරාධනා කරයි.
ඵලදායී හා ප්‍රායෝගික බවින් යුත් උපාධි පාඨමාලා සහ ශක්තිමත් නායකත්වයකින් යුත් උසස් තත්ත්වයේ උපාධිධාරීන් බිහිකිරීමෙහිලා පිළිගැනීමක් ඇති SLIIT විසින් අනාගත උපාධි අපේක්‍ෂකයින් හට 2021 සැප්තැම්බර් මාසය සඳහා ලියාපදිංචි වීමට ආරාධනා කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උපාධි පිරිනමන ආයතනය වන SLIIT මඟින් නවක සිසුන් සඳහා පරිගණක, ව්‍යාපාර, ඉංජිනේරු, අධ්‍යාපන, මනෝවිද්‍යා, හෙද, නීතිය, ගෘහ නිර්මාණ ශිල්පය, ප්‍රමාණ සමීක්ෂණ සහ ආගන්තුක සත්කාර හා සූප වේදය, මානව විද්‍යා හා විද්‍යා ඇතුළු පුළුල් පරාසයක විහිදී ගිය උපාධි අපේක්‍ෂක වැඩසටහන් තෝරා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ. SLIIT විසින් පිරිනමනු ලබන සියලුම උපාධි, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කර ඇත.
අනාගත සිසුන්ට තවදුරටත් අධ්‍යාපන අවස්ථා ලබා දෙමින් SLIIT ලෝකයේ පිළිගත් කීර්තිමත් විදේශීය විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතන සමඟ හවුල් වී ඇත. ඒ අනූව සිසුන්ට ඕස්ට්‍රේලියාවේ පිහිටි ‘කර්ටින්’ විශ්ව විද්‍යාලය(Curtin University) සහ ‘විලියම් ඇන්ග්ලිස්’ ආයතනය(William Angliss Institute), එක්සත් රාජධානියේ පිහිටි ‘ලිවර්පූල් ජෝන් මුවර්ස්’ විශ්ව විද්‍යාලය (Liverpool John Moores University ) වැනි විශ්ව විද්‍යාලය සහ අධ්‍යාපන ආයතන සඳහා විදේශ උපාධි පාඨමාලා වෙනුවෙන් ඇතුළත් වීමේ හැකියාව ඇත. ඔවුන්ගේ උපාධිය අර්ධ වශයෙන් නිම කිරීමෙන් අනතුරුව විදේශයන්හි පිහිටි මෙම ආයතන සහ විශ්වවිද්‍යාල වෙත මාරු වී ඔවුන් තෝරාගත් අධ්‍යාපන පාඨමාලා ඉදිරිට කරගෙන යාමට අවස්ථාව ලැබේ.
නව බඳවා ගැනීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් SLIIT හි අධ්‍යයන කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂ යෂස් මල්ලවාරච්චි මෙසේ පැවසීය. “සිසුන් විසින් කුමන විෂය පාඨමාලාවක් තෝරා ගත්තද, SLIIT හි අප විසින් ලෝකයට තිරසාර, තාක්‍ෂණික සහ සමාජීය දියුණුව සඳහා දායක වන නායකයින් පිරිසක් බිහිකිරීමට උත්සාහ කරනවා. අභියෝගයන්ට මුහුණ දීමට වඩාත් උනන්දුවක් ඇති වෘත්තිකයන් ලෙස පිළිගත්, විශිෂ්ඨ උපාධිධාරීන් දායාද කිරීම පිළිබඳව SLIIT ආඩම්බර වන අතර විවිධ විෂයයන් ඔස්සේ නව චින්තනයන් සහිත නායකයින් ලෙස තමන්ව ස්ථාන ගත කර ගැනීමට ඉගැන්වීම් හා පුහුණු ලබාදෙන අපගේ වැඩසටහන්වල අත්දැකීම විඳ ගැනීමට සිසුන්ට ආරාධනා කරනවා.”
SLIIT විසින් ඉගෙනීම් කටයුතු නිසි ලෙස කරගෙන යාමට සුදුසු පරිසරයක් නිර්මාණයකර දෙනවා පමණක් නොව දියුණු රටවල මෙන් නවීන පරිගණක විද්‍යාගාර, නවීන දේශන ශාලා, අධ්‍යයන කටයුතු සඳහා වෙන් කරනු ලැබූ විශේෂිත ස්ථාන ඇතුළු අති නවීන යටිතල පහසුකම් ද සපයනු ලබයි. ඊට අමතරව නවක සිසුන් වෙනුවෙන් උපකාර කිරීම සඳහා ශිෂ්‍ය සේවා උපකාරක මැදිරියක්, ශිෂ්‍ය සංසඳයක්, ඉංග්‍රීසි උපකාරක සේවා මධ්‍යස්ථානයක් සහ වෘත්තීය උපදේශන කටයුතු සඳහා මඟ පෙන්වීමක් සමඟ සිසුන් හට අසමසම අත්දැකීමක් ලබා දීමට සහතික වේ.
SLIIT වෙත 2021 සැප්තැම්බර් මස ලියාපදිංචි වීම සඳහා තොරතුරු සහ අයදුම්පත http://apply.sliit.lk/Apply/Create වෙබ් අඩවිය මඟින් හෝ 011 754 4801 දුරකථන මාර්ගය ඔස්සේ සම්බන්ධ වීමෙන් ලබා ගත හැකිය.