කැනඩාවේ වත්මන් අගමැති මහා මැතිවරණය දිනයි

කැනඩා මහ මැතිවරණය ජයගන්නට එරට අගමැති ජස්ටින් ට්රුඩෝ ගේ පක්ෂයට හැකි වී තිබෙනවා.

නමුත් එම පක්ෂයට බහුතර බලය හිමිවී නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

තුන්වැනි වරටත් කැනඩාවේ අගමැතිවරයා ලෙස පත්වීමට ජස්ටින් ට්රුඩෝ ට අවස්ථාව හිමි වී ඇති අතර

බහුතර බලයක් සඳහා ආසන 170ක් අවශ්‍ය අතර අගමැතිවරයාගේ ලිබරල් පක්ෂය ආසන 156ක් ජයගනු ඇති බවට අනුමාන කෙරෙනවා.

කොන්සෙවටිව් පක්ෂය ආසන 122ක් හිමිකර ලබා ගෙන ප්‍රධාන විපක්ෂය ලෙස පත්වනු ඇති බවට එරට දේශපාලන විශ්ලේෂකයෝ අනුමාන කරනවා.

 

Leave A Reply

Your email address will not be published.