කෝලි ගත් තීරණය

මෙවර අයි පී එල් ක්‍රිකට් තරගාවලියෙන් පසු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට තමන් තීරණය කර තිබෙනවා.

බව විරාත් කෝලි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.

විරාට් කෝලි මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ඉන්දීය 20 යි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ද ඉවත් වීමටයි තීරණය කර ඇත්තේ. විරාට් කෝලි මේවනවිට අයි පී එල් තරගාවලි 09 කදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර තිබෙනවා. එහිදී අයි පී එල් තරග 132 කදී එම කණ්ඩායම මෙහෙයවූ විරාට් කෝලි තරග 62 කදී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

ඔහුගේ නායකත්වය යටතේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම 2016 වසරේදී අයි පී එල් අනුශූරතාව දිනා ගත්තා.

විරාත් කෝලි නායකත්වය දරණ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර අද තරගයක් පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර ද රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ සංචිතයට ඇතුළත්ව සිටිනවා.

 

Leave A Reply

Your email address will not be published.