ඉකුත් 12 වනදාට යෙදුණු සිරකරු දිනයට සමගාමීව සිරකරුවන් 89 දෙනෙකුට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස හිමිව තිබෙනවා.
මෙලෙස ජනාධිපති පොදු සමාව යටතේ ඊයේ දින නිදහස හිමිව ඇත්තේ සුළු වැරදී සඳහා බන්ධනාගාර ගතව සිටි සිරකරුවන් 89 දෙනෙකුට බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ.
ජනාධිපති සමාව හිමි වු සිරකරුවන් ඡක්‍ඍ පරීක්ෂණ සඳහා ඊයේ යොමු කෙරුණු අතර එම පරීක්ෂණ වාර්තා ලැබීමෙන් අනතුරුව කොරෝනා වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු වු සිරකරුවන් පිරිසක් බන්ධනාගාර වලින් මුදා හැර තිබෙනවා.
අනෙක් සිරකරුවන්ගේ වාර්තා අද ලැබීමට නියමිත අතර ඒවා පරීක්ෂා කර අනෙකුත් සිරකරුවන් නිදහස් කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන්නැයි පාර්ශව කිහිපයක් ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් ද කර තිබු බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති පොදු සමාව හිමිව නැහැ.