බිනර පුන් පොහෝ දිනය අදයි

භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු බෞද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් 500ක් සසුනට එක්වූයේද බිනර පෝය දිනක වන අතර වස් සමයේ අතරමැදි පොහොය ලෙසද බිනර පුන් පොහෝ දිනය සැලකෙනවා.

අෂ්ඨ ගරු ධර්ම බුදුන්වහන්සේගෙන් විමසා ආනන්ද හිමියන් විසින් එය මහා ප්‍රජාපතිගෝතමී දේවියට පහදා දීමෙන් පසුව ගරුධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබාදුන්නේද අදවන් බිනර පුන් පොහෝ දිනකදීය.

Leave A Reply

Your email address will not be published.