ශ්‍රී ලංකාවට පැනවු සංචාරක තහනම ජපානය ඉවත් කරයි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 06කට ජපානය පනවා තිබූ සංචාරක තහනම හෙට සිට ඉවත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින, බංගලාදේශය, නේපාලය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල සිට පැමිණෙන සංචාරකයින්ට ජපානයට ඇතුලු වීම තහනම් කර තිබුණේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්.

අදාළ රටවල සිට පැමිණෙනන්නන් ගුවන්තොටුපොළේ දී සිදුකරන කොවිඩ් පරීක්ෂණයට අමතරව දින තුනක කාලයක් අනිවාර්ය නිරෝධායනයට ලක්ව කොවිඩ් පරීක්ෂණයක් සඳහා යොමු වී ආසාදිත නොවන බවට තහවුරු විය යුතු බව ජපාන රජය නිවේදනය කර තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.