ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මහේල ?

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටුයතු කරන්නැයි සිදු කෙරුණු යෝජනාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු නායක, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන පත් කිරීම සම්බන්ධයෙන් ද එරට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. එහෙත් මහේල ජයවර්ධන එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඉදිරියේදී කටයුතු කිරීමට මහේල ජයවර්ධන අපේක්ෂාවෙන් සිටීම මෙයට හේතුවයි.

Leave A Reply

Your email address will not be published.