රට ඉදිරියේදී විවෘත කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන දත්ත සැලකිල්ලට ගෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
රට විවෘත කරන්නේ නම් ඒ සදහා පැනවිය යුතු සීමා මොනවා දැයි නිර්දේශ කිරීමට කණ්ඩායමක්ද පත් කළ බව ඔහු ප්‍රකාශ කරනවා.
හෙට පැවැත්වෙන කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කරන බවයි යුද හමුදාපතිවරයා පවාසන්නේ.