ශ්‍රී ලංකාවේ උපත ලැබූ අයෙකු වන ධර්මසේන යකන්දාවල මහතා ලබන 20 වනදා පැවැත්වීමට නියමිත කැනඩාවේ මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටිනවා.
කැනඩාවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් “ඇබට්ස් ෆෝඩ්” ඡන්ද කොට්ඨාසය සදහා ඔහු තරග කරනවා.
2006 වසරේදී ශ්‍රී ලංකාවෙන් කැනඩාවට සංක්‍රමණය වී ඇති ධර්මසේන යකන්දාවල ශ්‍රී ලංකාවේදී විනිසුරුවරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.